Thursday, February 05, 2026
Follow Us
ලංකා ගල් අගුරු සමාගමේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

ලංකා ගල් අගුරු සමාගමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් විදුලිබලහා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

නොරොච්චෝලේ බලාගාරයේ ඇති වත්මන් ගල් අඟුරු ප්‍රමාණය, 2023 - 24 වාරය සදහා වන ගල් අඟුරු ආනයන සැලැස්ම, ගල් අඟුරු ආනයනය සදහා මූල්‍ය අවශ්‍යතාව, ක්‍රියාත්මක දිගු කාලීන සහ කෙටි කාලීන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය සහ ගල් අඟුරු සමාගම අතර සම්බන්ධීකරණය මෙහි දී සාකච්ඡාවට ගැණින.
මෙම සාකච්ඡාව සඳහා ලංකා ගල් අඟුරු සමාගමේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගි වූහ.