Monday, March 09, 2026
Follow Us
ජාතික වෙසක් සතිය 4වනදා සිට 8වනදා දක්වා

ජාතික වෙසක් සතිය ලෙස මැයි 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ප්‍රකාශයට පත් කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සදහන් කළේය.

ජාතික වෙසක් උත්සවය හොරණ ගෝනපල ඔලබොඩුව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

පවතින වෛරස් රෝග තත්ත්වය හමුවේ සීමිත පිරිසක් මෙම ජාතික උත්සවය සදහා එක්කර ගැනිමට නියමිත බව බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සදහන් කළේය

(Aruna)