Monday, March 09, 2026
Follow Us
දැවි තෙල් භාවිතය පිළිබඳ අද සිට නව වැඩපිළිවෙලක්

දැවිතෙල් භාවිතය පරිසර හිතකාමී ලෙස කළමණාකරණය කිරීම සඳහා අද (01) සිට නව වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක වනවා.

පිරිපහදු කිරීමකින් තොරව සහ නියමිත ප‍්‍රමිතියකින් තොරව දැවිතෙල් භාවිතය සඳහා යොදා ගැනීම මගින් සිදු වන පරිසර දූෂණය තුරන් කිරීම මෙම වැඩපිළිවෙලේ ප‍්‍රධාන අරමුණයි.

මධ්‍යම පරිසර අධිකාරියේ මූලිකත්වයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ශී‍්‍ර ලංකා රේගුව එක්ව මෙම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරනවා.

එම වැඩපිළිවෙලේ අරමුණු පැහැදිලි කළ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ කියා සිටියේ "ජලයට තෙල් එකතු වෙනවා කියලා අපිට හඳුන ගන්න ලැබුණා. ඊට පස්සේ අපි මේ ගැන දිගින් දිගටම සොයා බැලුවා. ඒ අනුව හඳුනාගත් කරුණු මත තමයි අපි මේ තීරණවලට එළඹුණේ." යනුවෙනි.

(Neth)