Monday, May 04, 2026
Follow Us
විශ්‍රාම වැටුප් ලබා ගන්න යුධ හමුදාවෙන් ප්‍රවාහන පහසුකම්

ලබන අප්‍රේල් මස 02 වෙනිදා සහ 03 වෙනිදා රජයේ විශ්‍රාම වැටුප් ලැබීමට නියමිත ජේෂ්ඨ පුරවැසියන් ඔවුන්ගේ නිවෙස්වල සිට බැංකු වෙත රැගෙන ගොස් යලි නිවෙස් කරා රැගෙන ඒමේ ක්‍රමවේදයක් රජයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ආරම්භ කරන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඒ අනුව අදාළ ප්‍රදේශවල ග්‍රාමසේවක නිලධාරින් සමග සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා යුධ හමුදාව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

(Neth)