Monday, May 04, 2026
Follow Us
පාස්කු කොමිසමේ පැමිණිලිවලින් හතරෙන් තුනකම සාක්ෂි අවසන්

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති පරික්ෂණ කොමිසමට ලැබුණු පැමිණිලිවලින් පැමිණිලි 85 කට වැඩි සංඛ්‍යාවක සාක්ෂි විමසීම සිදුකර අවසන් බව එම කොමිසමේ ලේකම් බුවනෙක හේරත් පැවසීය.

එසේම කොමිසමේ පොලිස් ඒකකයට ලැබුණු පැමිණිලි අතරින් පැමිණිලි 650 ට වැඩි සංඛ්‍යාවකට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ කාලය මෙම 22 අවසන් වීමට නියමිතව තිබූ අතර එහි කාලය ලබන සැප්තැම්බර් මස 22 දක්වා දිර්ඝ කරනු ලැබීය.

(Lanka Leads)