Saturday, September 26, 2026
Follow Us
අලුත් අවුරුද්දට රාජ්‍ය සේවකයන්ට උත්සව අත්තිකාරම් නෑ

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන උත්සව අත්තිකාරම් මෙවර ලබා නොදෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ඊයේ (26 වැනිදා) දැනුම් දී තිබේ.

එහෙත් රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප ලබන මස 8 වැනිදා ගෙවීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි දැනුම් දී තිබේ.

මාණ්ඩලික නිලධාරින් නොව අනෙකුත් නිලධාරින් ගෙන ඇති ණය වෙනුවෙන් අප්‍රේල් සහ මැයි මාස සඳහා අයවිය යුතු ණය වාරික හා ණය පොලිය වැටුපෙන් අය කර නොගන්නා ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත.

(Lanka Leads)