Monday, May 04, 2026
Follow Us
රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ පත්වීම් ලිපි තැපෑලට

රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනීමට අදාළ පත්වීම් ලිපි අද (28) තැපෑලට යොමු කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන පරිදි උපාධිධාරීන් 50000 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට සැලසුම් කර තිබුණ ද අයදුම්පත් යොමු කර තිබුණේ 40000 ක් පමණක් බවයි.

ජනාධිපති කාර්යාලය හරහා මේ කටයුතු සම්බන්ධීකරණය කරන බව ද ඔහු සඳහන් කළේ ය.

රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගන්නා උපාධිධාරීන්ගෙන් 80 %ක්ම පාසල් සඳහා අනියුක්ත කරන බව ද සඳහන් වෙයි.

(Dinamina)