Wednesday, March 11, 2026
Follow Us
ක්‍රිකට් ලෝලීන්ට හමුදාව එල්ල කළ ප්‍රහාරය ක්‍රීඩා ඇමති හෙළාදකී. සමාවත් ඉල්ලයි.

ඊයේ (26) හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින්ට යුධ හමුදාව සහ පොලිසිය විසින් එල්ල කළ ප්‍රහාරය හෙළාදකින බව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

තමන් ඒ පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගෙන් ද කරුණු විමසන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් මේ පිළිබඳ කළ විමසීමකදී පිළිතුරු ලබාදෙමිනි.

(LNW)