Monday, May 04, 2026
Follow Us
ආණ්ඩුව අතුරු සම්මත ගිණුම ඉල්ලා අස්කර ගනී

අතුරු සම්මත ගිණුමට සංශෝධන එක් කරමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කර තිබූ යෝජනාව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉල්ලා අස්කර ගනු ලැබිණි.

එම යෝජනාවට අදාළව විපක්ෂය විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවට වාර්තා වේ.

ඒ සමගම පාර්ලිමේන්තුව ලබන මස 3 වැනි දා දක්වා කල් තැබුණි.

(Aruna)