Tuesday, May 05, 2026
Follow Us
පෙබරවාරි තුන් වැනි සතියේ පාර්ලිමේන්තුව විසුරුවයි!

වසර හතරහමාරක් පිරෙන්නටත් පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇතැයි ‌දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ එළැඹෙන මාර්තු 02 වැනිදාට පසුවය. ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් පාර්ලි​මේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් අවශ්‍යවේ.

මේ අනුව මේ මස අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂවල නායකයන් එකඟතාව පළකර ඇතැයි දැන ගන්නට අත.

මේ මස තුන්වැනි සතිය හෝ ඊට ආසන්න දිනයක පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් අප්‍රේල් මස මුල් සතියේදී පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙනු ඇතැයිද වාර්තාවේ.

(Lanka Leads)