Saturday, February 07, 2026
Follow Us
දිස්ත්‍රික්ක 4කට විශේෂ රෝහල්

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිස්ත්‍රික්ක 4ක විශේෂිත රෝහල් හා  නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල විශේෂිත රෝහල් සහ සුදුසු ස්ථානයක මෙම විශේෂිත නව ළමා රෝහලක් පිහිටුවීමට නියමිතයි.