Saturday, February 07, 2026
Follow Us
විදුලිබල ඇමැති විදුලිබලය අඛණ්ඩව ලබාදීම ගැන විමසයි

විදුලිබලය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් පවතින අවශ්‍යතා සහ අභියෝග පිළිබඳව විදුලිබල මණ්ඩලයේ පාලක පද්ධතියේ ඉංජිනේරුවන් සමග සහ පාලන අධිකාරිය සමග හමුවක් පැවැත්විණි.


එහිදී ප්‍රමාණවත් වර්ෂාපනතනයක් නොලැබීම නිසා ඇතිවිය හැකි බලපෑම් අවම කර ගැනීමට සහ අවශ්‍ය ඉන්ධන සහ ගල් අඟුරු ලබා ගැනීම පිළිබඳවත්, විකල්ප ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡාවට ලක් විය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ ඩී.වී. චානක මෙන්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ද විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ද මේ සඳහා සහභාගි වූහ.