Saturday, February 07, 2026
Follow Us
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වෙයි

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස අභිනවයෙන් තේරීපත් වූ විපක්ෂය නි‍යෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව අද (23) ප්‍රථම වරට රැස්විය.

අද රැස්වූ තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා ලෙස විපක්ෂය නි‍යෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා නම් කෙරිණි.

මෙම රැස්වීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයන් රැසක් සහභාගී වූහ.