Saturday, February 07, 2026
Follow Us
විදුලි බලය මිල දී ගැනීමට නව සූත්‍රයක්

පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති කඩිනම් කිරීම සහ දිරිමත් කිරීම වෙනුවෙන් නව විදුලිය මිලදී ගැනීමේ සුත්‍රයක් හඳුන්වා දීමට පත් කළ කමිටුවේ සාමාජිකයන් සමඟ එහි අවසන් වාර්තාව පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (21) සාකච්ඡා කර ඇත.

වසර 20ක විදුලිය මිලදී ගැනීමේ ක්‍රමය යටතේ එම වර්ෂයේ පොලී අනුපාතය සහ ඉදිකිරීම් සිදු කිරිමේ දී විදේශ විනිමය අනුපාතයන් සහ අනෙකුත් වියදම් සැලකිල්ලට ගෙන ආදේශ කිරීමේ ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.