Saturday, February 07, 2026
Follow Us
සා.පෙළ අයදුම්කරුවන්ට නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම 2023 පෙබරවාරි පළමු වන දින සිට 2023 පෙබරවාරි 28 වන දින දක්වා මාර්ගගත
ක්‍රමය ඔස්සේ පමණක් මේ වන විටත් සිදු කරමින් පවතින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

ඒ් අනුව 2023 පෙබරවාරි 28 වන දින මධ්‍යම රාත්‍රී 12 න් පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ නොහැක.

එම දින මධ්‍යම රාත්‍රි දොළහෙන් පසුව මාර්ගගත ප්‍රවේශය වසා තබනු ලබන අතර කිසිඳු හේතුවක් මත අයදුම් පත් බාර ගැනීමේ දිනය වෙනස් කිරීමක් සිදු නොකරන බව අවධාරණය කර සිටි.

එබැවින් අවසාන දිනට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්යය බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

327661 1