Saturday, February 07, 2026
Follow Us
ශ්‍රී ලංකාවෙන් තුර්කියට මානුෂීය ආධාර

විපතට පත් තුර්කි ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09 ) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන හා පෞද්ගලික අංශය එක්ව මේ මොහොතේ තුර්කි ජනතාවට ලබාදිය හැකි අත්‍යවශ්‍ය මූලික පහසුකම් හා ශ්‍රම දායකත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.
එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම් පිළිබඳ පුහුණුවලත් වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු හමුදා බලඇණියක් තුර්කි ජනතාවගේ සහායට කඩිනමින් යැවීමටත්, රජයේ හා පෞද්ගලික අංශයේ නිෂ්පාදන තුර්කියට යැවීමටත් එහිදී සැලසුම් කරනු ලැබීය. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හරහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.