Saturday, March 28, 2026
Follow Us
විදුලිබල හා බලශක්ති ඇමැති  ඉන්දියාවට

ඉන්දීය බලශක්ති සතියට සමගාමී උපාය මාර්ගික සමුළුව වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහභාගී වී සිටින බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පෙබරවාරි 6 සිට 8 දක්වා ඉන්දියාවේ බෙන්ගාලුරු හෙවත් බැංගලෝර්හි දී මෙම සමුළුව පැවැත්වේ. 

තෙල් සහ ගෑස් ගවේෂණ, ඉන්‌ඩො ලංකා ජාල සම්බන්ධතාවය, පුනර්ජනනීය බලශක්ති සැලසුම් සහ එල්. එන්. ජී. පිළිබඳ මෙහි දී සාකච්ඡා කිරීමට ද නියමිතයි.