Saturday, February 07, 2026
Follow Us
රජයේ සේවයේ නියුතු 26,000ක් ගුරු සේවයට

රාජ්‍ය සේවයේ නියුතු නිලධාරින්ගෙන් ගුරු සේවයට 26,000ක් බඳවා ගැනීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා අද (31) මේ බව සඳහන් කළේය.

රාජ්‍ය සේවට අලුත් බඳවා ගැනීමට මේ වනවිට නතර කර තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය .