Thursday, March 28, 2024
Follow Us
ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට අවස්ථාව

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය - 2023 සඳහා අයදුම්පත් කැඳවා තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 

උක්ත තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය 2023.01.27 දින රජයේ ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කර ඇති අතර අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2023.02.10 වේ. 

මේ සඳහා අයදුම් කරන අයදුම්කරුවන් applications.doenets.lk/exams වෙබ් අඩවිය වෙත පිවිස විභාගය සඳහා අයදුම් කිරීම සිදු කළ යුතු වේ.