Saturday, February 07, 2026
Follow Us
ලේකම්වරුන් දෙදෙනෙක් වෙනස් වෙයි

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් චූලානන්ද පෙරේරා පත්කර තිබේ.

ජනවාරි 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි. 

මාස තුනක කාලයක් සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් විය.

මේ අතර ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ඩබ්ලිව්. සමරදිවාකර පත්කර තිබේ.