Saturday, May 16, 2026
Follow Us
විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීමට කමිටුවක්

ආනයනය කිරීමට නියමිත විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීම සඳහා කමිටුවක් පත්කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට එම කමිටුව ඊට අදාළ කටයුතු ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ සඳහන් කළේය.

 මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කර ඇති බවත් ඒ අනුව මෙම විදුලි වාහන ලියාපදිංචිය සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.