Saturday, February 07, 2026
Follow Us
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ රියදුරන්ට දැනුම්දීමක්

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා වූ කොටසේ කාපට් ඇතිරීම හේතුවෙන් එහි එක් මංතීරුවක වාහන ධාවනය ලබන 24 වැනිදා සිට තාවකාලිකව නතර කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය පෙන්වාදෙන්නේ ලබන 24 වැනිදා සිට පෙබරවාරි මස පළමු වැනිදා දක්වා අදාළ කොටසේ වාහන ධාවනය සිදුවන්නේ එක් මංතීරුවක පමණක් බවය. 

 මේ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා වු කොටසේ දැඩි රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින් එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලිමක් සිදුකර තිබේ.