Saturday, February 07, 2026
Follow Us
“සීතාවක ඔඩිසි” ගමන් අරඹයි

සීතාවක ඔඩිසි සංචාරක දුම්රියේ මංගල චාරිකාව අද (15) උදෑසන කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරිණ.

ඒ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

සීතාවක පුරවරය නවතම සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම නව දුම්රිය සේවය ආරම්භ කර ඇත.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

මෙම දුම්රිය ගමනට දෙස් විදෙස් සංචාරකයන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් ද එක් වූහ.