Saturday, February 07, 2026
Follow Us
උසස් පෙළ - 2022(2023) විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2200දී

අ.පො.ස. උසස් පෙළ - 2022(2023) විභාගය ලබන 23 සිට පෙබරවාරී 17 දක්වා විභාග මධ්‍යස්ථාන 2200කදී දීප ව්‍යාප්තව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව විභාග දෙපාර්තමේන්තව සඳහන් කරයි.

ලබන 17 වැනි දා මධ්‍යම රාත්‍රියේ 12.00 සිට සම්පූර්ණයෙන් විභාගය අවසන් වන තෙක් උපකාර පන්ති පැවැත්වීම තහනම් කර තිබෙන අතර තිබේ.

කිසියම් අයෙක් එම නීතිය උල්ලංඝනය කළහොත් පහත සඳහන් අංක ඔස්සේ දැනුම් දීම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

පොලිස් මූලස්ථානය - 0112421111

පොලිස් හදිසි ඇමතුම් අංකය- 119

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය - 1911

විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලය - 0112785211/0112785212

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව 0112784208/0112784537