Saturday, February 07, 2026
Follow Us
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නොසන්සුන්තාව තාවකාලිකව සමනය වෙයි

වර්ෂාවසාන බෝනස් මුදල ගෙවීම සදහා මෙතෙක් අනුමැතිය නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිර්මාණය වූ නොසන්සුන්තාවය යම්තාක් දුරකට සමනය කරගැනීමට හැකි වූ බව කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අනුරාධපුරයේ දී අද (12) පැවසීය.

විශේෂයෙන් ම කොරියාව ප්‍රමුඛ රටවල විදෙස් රැකියා අපේක්ෂාවෙන් පසුවන පිරිසගේ විදෙස්ගත කිරීමේ කටයුතු අඩාල කළ නොහැකි බැවින් සේවක පිරිසගේ මනා අවබෝධය තුළ ාවකාලික ව තත්ත්වය සමනය කර ගත හැකි වූ බව ද සඳහන් කළේය.

ඒ් මහතා ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර කඩිනමින් තීරණයක් ගන්නා බවයි.

වාර්ෂික බෝනස් මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඇති වූ සේවක නොසන්සුන්තාව බවත් වාර්ෂික ඉලක්ක සම්පූර්ණ කර තිබෙන නිසා බෝනස් ලැබිය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.