Saturday, February 07, 2026
Follow Us

මෙරට සංචාරයක නිරත ඇමරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සලයේ දකුණු ආසියානු කලාපීය ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ, අතිගුරු රියර් ඇඩ්ම් අයිලීන් ලෝබාචර් මහත්මිය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන වි‌‌‌ජේසේකර මහතා හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වූවා ය.

මෙම සාකච්ඡාව එම අමාත්‍යාංශයේ පවත්වා තිබේ.

එක්සත් ජනපද නියෝජිත පිරිස බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ, පුනර්ජනනීය බලශක්තිය, අභියෝග, අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික සහාය පිළිබඳ රජයේ සැලසුම් සාකච්ඡා කර තිබේ.