Saturday, February 07, 2026
Follow Us
මෙරට ජනතාව යලි මුව ආවරණ පැළදිය යුතුද ? සෞඛ්‍ය බලධාරීන්ගෙන් පිළිතුරු

ශ්‍රී ලංකාව තුළ යළි මුව ආවරණ පැළදීම අනිවාර්්‍ය කිරීම කෙරෙහි කිසිදු අවධානයක් යොමුව නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ, චීනයේ යළි හිස ඔසවමින් ඇති කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

චීනයේ කොරෝනා ව්‍යාප්තිය මේ වන විට යළි ඉහළ ගොස් තිබෙනවා. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අසල්වැසි ඉන්දියාව ද සිය සෞඛ්‍ය කොන්දේසි දැඩි කිරීමටයි අවධානය යොමුකර ඇත්තේ.

එවන් පසුබිමක ශ්‍රී ලංකාවේ සූදානම කෙබදුද ? මේ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්.

ගුවන්තොටුපළ ආශ්‍රිතව යළිත් කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සඳහා වන පරීක්ෂණ යළි සිදුකරන්නේදැයි නෙත් නිවුස් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් විමසීමක් කළා.

චීනයේ කොරෝනා ව්‍යාප්තිය මේ වන විට යළි ඉහළ ගොස් ඇත්තේ එරට රෝහල් පද්ධතිය පවා පිරී යමින්.

Neth