Saturday, February 07, 2026
Follow Us
ලබන වසරේ සිට ප්‍රාථමික අංශයේ වාර විභාග නතර කෙරේ

ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසැල් අධ්‍යන වර්ෂයේදී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවට පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබාදී එහි ලකුණු වාර්තා තබාගෙන ඒවා සහ වර්ෂ අවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් සහ තක්සේරු කරන ක්‍රියාවලිය ක්‍රියාවට නංවන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ.

නිවාඩු අඩු කර වැඩියෙන් වැඩ කර ලබන දෙසැම්බර් මාසය වන විට සියලු විෂය නිර්දේශ ආවරණය කර පාසැල් අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත්කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Neth