Saturday, February 07, 2026
Follow Us
නත්තල්දා රටපුරා විශේෂ ආරක්ෂාවක්

එළඹෙන නත්තල් දිනයදා දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් සපයන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ දේවස්ථාන තුළට ඇතුලුවන නාදුනන පුද්ගලයින් හඳුනාගැනීමට ද විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බවයි.

උත්සව සමයේ දිවයිනම අවාරණය වන පරිදි විශේෂ ආරක්ෂක සහ විවිධ වැඩසටහන් ද ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

නත්තල් උත්සවය වෙනුවෙන් මේ වන විටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විවිධ උත්සව සංවිධාන වෙමින් පවතිනවා. අලුත් අවුරුද්දේ සැමරුම් රැසක්ද ඒ අතරට අයත්.

Neth