Saturday, February 07, 2026
Follow Us
පොලීසියේ විශාල පිරිසකට උසස්වීම්

පොලිස් නිලධාරීන් 9,417ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.

 

ඒ අනුව පොලිස් නිලධාරීන් 8,312ක් සහ නිලධාරිනියන් 1,105ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට නියමිතය.

 

එම නිලධාරීන් සහ නිලධාරිනියන් පොලිස් කොස්තාපල් සහ පොලිස් පරීක්ෂක තනතුරුවල මේ වනවිට සේවයේ යෙදී සිටි.

Aruna