Saturday, February 07, 2026
Follow Us
විශ්ව විද්‍යාල සඳහා සිසුන් ලියාපදිංචිය ඇරඹෙයි

2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල සඳහා තේරීපත්වූ සිසුන් පාඨමාලා සඳහා ලියාපදිංචි කිරීම අද(19) සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ ඒ වෙනුවෙන් සිසුන්ට එස්.එම්.එස් පණිවුඩයක් හා ඊමේල් පණිවුඩයක් යොමු කෙරෙනු ඇති බවයි.

 

එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස සිසුන්ට සිය විශ්ව විද්‍යාලයට හා පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව හිමිවේ.

 

දෙසැම්බර් මස 26 වැනිදා දක්වා මෙම ලියාපදිංචී වීම් සඳහා අවසර හිමිවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි.

Aruna