Saturday, February 07, 2026
Follow Us
උකස් සින්න වීම නිසා බැංකු පද්ධතිය අර්බුදයක

ඉහළ පොලී අනුපාත හේතුවෙන් බැංකු පද්ධතිය අවධානමක පවතින බව ලංකා බැංකු සේවක සංගමය පවසනවා. එහි ලේකම් ධනංජය සිරිවර්ධන පැවසුවේ උකස් තබන රන් භාණ්ඩ සින්න වීමට ඉඩ හැරීමේ තත්ත්වයන් ද මේ වන විට වැඩි වශයෙන් වාර්තා වන බවයි.

එය බැංකු පද්ධතියට හිතකර තත්ත්වයක් නොවන බවද ඔහු පෙන්වා දුන්නා.

බැංකු පද්ධතියේ එක් බැංකුවක් හෝ බිඳ වැටීම මෙරට ආර්ථිකයට හිතකර නොවන බවයි මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණේ.

 

Neth