Sunday, February 08, 2026
Follow Us
තැපැල් සේවකයින්ට ආණ්ඩුවෙන් දැඩි පිළිතුරක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට හෝ අතිකාල වැඩිකිරීම සඳහා ඉදිරි වසර තුළ කිසිදු හැකියාවක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අතිකාල දීමනා වැඩිකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් අද ක්‍රියාත්මක කළ වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එම මාධ්‍ය හමුවට එක්වූ තැපැල්පති රංජිත් ආරියරත්න කියා සිටියේ තැපැල් සේවකයින් අද ක්‍රියාත්මක කළ වෘත්තිය ක්‍රියාමාර්ගය කිසිසේත් සාධරණ නොවන බවයි.

 

Neth