Sunday, February 08, 2026
Follow Us
ඕමාන් හා ඩුබායි බලා පිටත්ව යන විශේෂ කණ්ඩායම

මිනිස් ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සඳහා විශේෂ කණ්ඩයමක් අද (10) ඕමාන් හා ඩුබායි බලා පිටත්ව යන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ කාර්යාංශයේ නිලධාරීන් 6 දෙනෙකු එම කණ්ඩායමට ඇතුළත් බවයි.

මේ වනවිට සංචාරක වීසා මත ගොස් දුෂ්කරතාවට පත්වූ කාන්තාවන් 30 දෙනෙකු ඕමානයේ සුරක්ෂා නිවස්නයේද 60කට ආසන්න පිරිසක් ඩුබායිහි සුරක්ෂා නිවස්නයේද රැඳි සිටින බව ඔහු පැවසුවේ ය.

ගාමිණි සෙනරත් යාපා මහතා පැවසුවේ, එලෙස රැඳී සිටින කාන්තාවන් දිවයිනට ගෙන්වා ගැනීම කඩිනම් කිරීම පිටත්ව යන කණ්ඩායමේ තවත් අරමුණක් බවයි.

LNW