Sunday, February 08, 2026
Follow Us
වී මෝල් හිමියන් ලියාපදිංචි කිරීම නැවතත්

තාවකාලිකව අත්හිටුවා තිබූ වී මෝල් හිමියන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

එය ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් අදාළ වැඩසටහන ආරම්භ කිරීමට සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනටමත් උපදෙස් ලබාදී ඇති බව පැවසේ.

වී මිලදී ගැනීමේ කටයුතු විධිමත් පරිදි සිදුකිරීමේ අරමුණින් නව මෝල්හිමියන් ලියාපදිංචි කිරීම ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඒ පිළිබඳව ඉදිරියේදී පුවත්පත් දැන්වීමක් පළ කිරීම මගින් අදාළ ලියාපදිංචි කිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද වී අලෙවි මණ්ඩලය සඳහන් කළේය.

Mirror