Sunday, February 08, 2026
Follow Us
බැංකු පොලී පහත දමන්න බෑ - ආණ්ඩුවෙන් දැඩි තීරණයක්

ඉහළ පොලී අනුපාත අඩුකරන කාලයක් මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඒ, නෙත් නිවුස් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

හදුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ මේ මොහොතේ ලිහිල් කළහොත් ආහාර හිගයක් මෙන්ම යළි ඉන්ධන පෝලිම්ද ඇති විය හැකි බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ණය ගෙවා ගැනීමට නොහැකි රටක් බවට පත්වීම හේතුවෙන් මේ වන විට රට පවත්වා ගෙන යනු ලබන්නේ වෙනත් කිසිදු පාර්ශ්වයකගේ සහය නොමැතිව බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් කියා සිටියේ.

Neth