Tuesday, May 13, 2025
Follow Us
ඇල්පිටියේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 27 වනදා

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 27 වනදා සිදු කෙරෙනවා. අදාළ ඡන්ද විමසීම සදහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

මේ වනවිට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සදහා තැපැල් ඡන්ද අයදුම්පත් 1,300 කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ පස්වරුව වන විට මැතිවරණ කොමිසම වෙත ලැබී තිබුණා. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ලබන 21 වනදා සිට ආරම්භ කරන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.

(Neth)