Saturday, February 14, 2026
Follow Us
අගමැති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

සියලු අධිකරණ විනිසුරුවන්ගේ ආරක්ෂාව තර කරන්න


කඩුවෙල මහෙස්ත්‍රාත්වරියගේ නිල නිවසේ ආරක්‍ෂාව ඉවත්කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සදහන් වන්නේ ඉහත කරුණ පිළිබඳව අධිකරණ සේවා සංවිධානය විසින් හා යුක්තිය උදෙසා නීතිඥයෝ සංවිධානයේ නීතිඥවරුන් විසින් අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමුකර ඇති බවයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ අගමැතිවරයා කඩුවෙල මහෙස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව මෙන්ම රට පුරා සියලු අධිකරණවල විනිශ්චයකාරතුමන්ලාගේ ආරක්ෂාව වහාම තර කරන්නැයි පොලිස්පතිවරයා ට උපදෙස් ලබාදී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

(Aruna)