Sunday, February 15, 2026
Follow Us
සිව්වෙනි කොවිඩ් මර්ධන එන්නත ලබාදීම ලබන සඳුදා සිට

විවෘත ප්‍රදේශවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නෙත් නිවුස් වෙත පැවසුවේ බොහෝ රටවල්වලද විවෘත ප්‍රදේශවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර නොමැති බවයි.

කෙසේවෙතත් ගෘහස්ථ ස්ථානවලදී මෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී තවදුරටත් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර එළඹෙන සඳුදා සිට කොරෝනා මර්දන එන්නතේ සිව්වන මාත්‍රාව ලබාගැනීමට ජනතාවට අවස්ථාව සලසාදී තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත් කිරීම ලබන සඳුදා සිට ආරම්භ කෙරෙනවා.

වයස අවුරුදු 20 ත් 60ත් අතර කාණ්ඩයේ ඌන ප්‍රතිශක්තියක් ඇති හා නිධන්ගත රෝග සහිත පුද්ගලයන්ට ද එහිදී ප්‍රමුඛතාව හිමි වනු ඇති. කොරෝනා මර්දන එන්නතේ තෙවන මාත්‍රාව ලබාගැනීමෙන් මාස 3ක් ගත වී ඇත්නම් පමණක් එහි සිව්වන මාත්‍රාව ලබාගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ.

(Neth)