හර්තාලයට එක්වන රජයේ සේවකයන්ට නිවේදනයක්
හර්තාල් ව්‍යාපාරයට සහභාගි වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට පවසමින් 2022-05-03 දිනය දක්වමින් සහ ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් මුහුණු පොත ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරය අසත්‍යයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ජනාධිපති කාර්යාලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හෝ මෙවැනි දැනුම්දීමක් සිදු කර නොමැති අතර මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වනවිටත් අදාළ අංශ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවටයි ඔවුන් නිවේදනය කරේ
(Aruna)