ඉන්ධන මිල යළිත් වැඩිවෙයි?
ඉන්ධන මිල පසුගිය 18 දා වැඩි කළද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පාඩු ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මිල වැඩි කළද ඩීසල් හා පෙට්‍රල් තවමත් අලෙවි කරන්නේ අලාභයට බවයි.
භූමිතෙල් ලිටරයක පිරිවැය 313ක් වුවත් අලෙවි කරන්නේ රුපියල් 87 ට බව ඔහු පැවසීය.
රුපියල අවප්‍රමාණය වීම හා බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් අලාභය වර්ධනය වන බවත් , අප්‍රේල් 18 මිල වැඩිකිරිමට පෙර ලංකා ඛණිජතෙල් සංස්ථාව දෛනිකව ලැබූ අලාභය රුපියල් මිලියන 1613ක් බවත් කාංචන විජේසේකර වැඩිදුරටත් පැවසීය.
(Aruna)