Saturday, February 14, 2026
Follow Us
හර්තාලය ගැන පොලීසියෙන් නිවේදනයක්

වෙළෙඳ ව්‍යාපාර ආදිය විවෘත නොකරන ලෙසට බලපෑම්


හර්තාල් ව්‍යාපාරය පවත්වන කාලය තුළදී වෙළෙඳ ව්‍යාපාර ආදිය විවෘත නොකරන ලෙසට බලපෑම් කරමින් සිටින බවට අනාවරණය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

හර්තාල් ව්‍යාපාරවලට සම්බන්ධ වීමට අකමැති කණ්ඩායම්වලට තර්ජනය කරමින් ඒ සඳහා එකතුවන ලෙස පවසන පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බවයි පොලීසිය වැඩිදුරටත් නිවේදනය කරේ.

(Aruna)