Saturday, February 14, 2026
Follow Us
මෙරට ගුවන්තොටුපොළවල VIP පර්යන්ත සේවා නවතා දැමේ

හෙට සිට ආගමන විගමන නිලධාරීන් කරන්න යන දේ


කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු මෙරට සියලු ගුවන් තොටුපළවල්වල ප්‍රභූ (VIP) පර්යන්ත සහ සේද මාවත (CIP) නිශ්කාශන සේවාවන් හෙට (06) දින සිට නවතා දැමීමට ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව කටුනායක ඇතුළු රට තුළ ඇති අනෙකුත් ගුවන් තොටුපළවල ඇති ශ්‍රී ලාංකික ප්‍රභූන් සදහා ඇති ප්‍රභූ පර්යන්තයන්හි සහ විශේෂ සත්කාර ගුවන් මගීන් සදහා වන “සේද මාවත” ගුවන් මගී පර්යන්තයන්හි මගී නිශ්කාශන රාජකාරී කටයුතු හෙට අළුයම 12.00 සිට අත්හිටුවනු ඇත.

රටේ දශක හතකට අධික කාලයක් තිස්සේ උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය විසදීම සදහා වර්තමාන පාලකයන් ජාතිතක වැඩපිළිවෙළක් සකස් කර, නිශ්චිත විසදුමක් ලබාදෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග තුළ නියැලෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

(Aruna)