Saturday, February 14, 2026
Follow Us
මම අමාරුවේ වැටුණේ දූෂිත ඇමතිවරුන් නිසා – ජනපති කියයි !

තමන් අමාරුවේ වැටුණේ දූෂිත අමාත්‍යවරුන් නිසා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

රට ගොඩනැඟීම සඳහා තමන් සතුව හොඳ දැක්මකුත් වැඩපිළිවෙලකුත් තිබුණු නමුත් දූෂිත අමාත්‍ය මණ්ඩලය නිසා ඒ කිසිවක් සාර්ථකව කරගැනීමට නොහැකි වුණු බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවේදී ය.

(LNW)