Saturday, February 14, 2026
Follow Us
අපේ තත්වය ග්‍රීසියටත් ලෙබනනයටත් වඩා දරුණුයි – මුදල් ඇමති බැංකු ප්‍රධානීන්ට කියයි

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය ග්‍රීසිය සහ ලෙබනනය මුහුණ දුන් තත්වයටත් වඩා දරුණු බව මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර තිබේ.

මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගේ රැස්වීමක් මුදල් අමාත්‍යවරයා විසින් කැඳවා තිබුණු අතර අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ එහිදී ය.

මේ අර්බුදයට මුහුණ දීම සඳහා ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග තමන්ටත් සිතාගැනීමට හෝ අපහසු බවයි මුදල් අමාත්‍යවරයා එහිදී බැංකු ප්‍රධානීන්ට ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම මෙතරම් දරුණු තත්වයකට ආර්ථිකය පත්වෙන තුරු බැසිල් රාජපක්ෂ මහතා සහ අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කළේ මොනවාද යන්න තමන්ටත් ප්‍රශ්නයක් බවත් අලි සබ්‍රි මහතා එහිදී පැවසී යැයිද වාර්තා විය.

ඒ අනුව එම සාකච්ඡාවත් විසඳුමකින් තොරව අවසන් වූ බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

(LNW)