Saturday, February 14, 2026
Follow Us
අද විදුලිය කපන්නේ මෙහෙමයි

විදුලි කප්පාදු කාලසටහන මෙතනින්


අද (02) සහ මැයි 4 වන දා පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.

ඒ අනුව, A සිට L දක්වා කලාපවලට අයත් ප්‍රදේශවලට සහ P සිට W දක්වා කලාපවලට අයත් ප්‍රදේශවලට උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිත ය.

එමෙන් ම, නැවතත් එම කලාපවලට අයත් ප්‍රදේශවලට සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත ය.

මේ අතර, CC කලාපවලට උදෑසන 6.00 සිට උදෑසන 9.00 දක්වා කාලය තුළ පැය 3ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

(Aruna)