Saturday, February 14, 2026
Follow Us
අද විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹට එන රියදුරන්ට දැනුම්දීමක්


අද (01) දිනයේ පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලි සඳහා ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම මෙන්ම සමාන්‍ය රථවාහන ගමනා ගමනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා පොලීසිය විසින් අවශ්‍ය කටයුතු මේ වන විටත් සැලසුම්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

කොළඹ නගරයේ සහ නුගේගොඩ පැවැත්වෙන පෙළපාලි හා රැස්වීම් පිළිබඳව අවධානය යොමු කර තිබෙන අතර නියමිත රාජකාරි ආවරණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

පිට පාළාත්වල පැවැත්වෙන පෙළපාලි සඳහා ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දන්වා ඇත.

(Aruna)