Saturday, February 14, 2026
Follow Us
මත්පැන් මිල ගණන් ගැන විශේෂ තීරණයක්

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


මෙරට නිෂ්පාදිත මත්පැන්වලට අදාළ සංශෝධිත මිල ගණන් අලෙවි ස්ථානවල වහාම ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් අලෙවිසැල් හිමියන්ගෙන් ඉල්ලා සිටී.

එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ ඇතැම් පුද්ගලයින් නියමිත මිලට වඩා වැඩි මිලට මත්පැන් අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බවය.

ඒ අනුව පාරිභෝගිකයින් විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය.

මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළයෑම හේතුවෙන් එම සමාගම් විසින් මීට පෙර මිල ඉහළ දැමීමක් සිදුකර තිබුණි.

පවතින තත්ත්වය තුළ අදාළ සංශෝධිත මිල ගණන් ප්‍රදර්ශනය කිරීමට පියවර නොගන්නා ආයතන සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.

(Aruna)