මහ බැංකුවෙන් බැංකුවලට දැනුම් දීමක්
අධ්‍යාපන හා සෞඛ්‍ය අවශ්‍යතා සඳහා විදෙස්ගත වන්නන් වෙනුවෙන් අවශ්‍ය විදේශ විනිමය ලබාදීමට කටයුතු කරන ලෙස බැංකුවලට දැනුම් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඊයේ (29) ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය.
“දෙමව්පියන් තමන්ගේ ළමයි පිටරට ඉගෙන ගන්නවා නම්, ඒගොල්ලන්ට මුදල් යවන්න තියෙනවා නම්, බැංකුවලින් මේ මුදල් දෙන්නේ නැත්නම් ඒගොල්ලන්ට වෙන කරන්න දෙයක් නැහැ. එතකොට ඒගොල්ලන්ට පිටත තියෙන වෙළෙඳපොළට ගිහිල්ලා කීය හරි දීලා ගන්න වෙනවා.“
“ඒ නිසා අපි බැංකුවලින් ඉල්ලීමක් කරලා තියෙනවා විශේෂයෙන් අධ්‍යාපන සහ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා විදෙස්ගතව වියදමක් කිරීමට සිදුවන අත්‍යාවශ්‍ය මානුෂීය හේතූන් මත කරන්න තියෙන වියදම්වලට, විශේෂයෙන් සුළු මුදල්, ඩොලර් 10,000 ක්, 5,000 ක් වගේ මුදල්, ඒවා හැම එකක්ම බැංකු ක්‍රමය තුළින් ලබා දෙන්න කියලා.“
(Aruna)