Saturday, February 14, 2026
Follow Us
මැයි 2වැනිදා රජයේ නිවාඩු දිනයක්

දින 04 ක දීර්ඝ නිවාඩුවක්


මැයි මස 2 වන සඳුදා දිනය රාජ්‍ය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි පැවසුවේ ඊට අදාළ චක්‍රලේඛය අද දිනය තුළ නිකුත් කෙරෙන බවයි.

රාමසාන් උත්සව දිනය මැයි 03 වනදාට යෙදී තිබීම හමුවේ මැයි 02 වනදා ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට කලහොත් දින 04 ක දීර්ඝ නිවාඩුවක් සකස්වීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

(Aruna)